27.8 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් ගාස්තු ගැන ඇහෙන අලුත් කතාව

බස් ගාස්තු ගැන ඇහෙන අලුත් කතාව

බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට රජය පියවර ගන්නා බව අද (25) බස් සංගම් වෙත දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී මෙම තීරණය ඔවුන්ට දන්වා ඇත.

ජුලි 01 වන දා සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණි.

කෙසේ වෙතත්, රජයේ යෝජනාවට බස් සංගම් විසින් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

බස් ගාස්තුව සියයට 2කින් අඩු කරන අවස්ථාවේදී, පළමු හා දෙවන ගාස්තු පරාසවල කිසිදු වෙනසක් සිදු නොවන අතර, ඉන් ඉහළ ගාස්තු පමණක් සංශෝධනය වනු ඇත.