29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිද්‍යුත් විකාශන සමුළුව අද කොළඹදී

විද්‍යුත් විකාශන සමුළුව අද කොළඹදී

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) අද( ජුනි 25) කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක මහතා පවසනවා.

විද්‍යුත් විකාශකයන්ගේ සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පසුගියදා (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවා.

විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ නව ප්‍රවණතා, නව මාධ්‍ය පැමිණිමත් සමග මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අභියෝග, සහ මාධ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසුවා.

එමෙන්ම ශ්‍රී ලංකාව අනාගතයේ විද්‍යුත් විකාශනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නා.

එහිදී ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටලු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතයි.

සැසි කිහිපයකින් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවත්, විදෙස් නිරීක්ෂකයින් මෙම සමුළුවට සහභාගීවිමට නියමිත බවද පැවසුවා.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, ලේකම් ලක්සිරි විතානගේ, මාධ්‍ය විශ්ලේෂක හා උපදේශක නාලක ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.