27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලිය විසන්දි කරන්න පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට කළ හදිය

විදුලිය විසන්දි කරන්න පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට කළ හදිය

බණ්ඩාරවෙල වැලිමඩ පාරේ පිහිටි වෙළඳසැලක් වෙත විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට වෙළඳසැල් හිමියා විසින් පහරදීමක් සිදු කර ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩල සේවකයා අද (24) සවස බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල්ගතව ඇත්තේ අංක 17, රාමවත්ත, කහගොල්ල, දියතලාව පදිංචි, වයස අවුරුදු 54ක් වන එච්. එම්. ප්‍රභාත් චන්ද්‍රසිරි හීන්කෙන්ද මහතා වන අතර, ඔහු විදුලිබල මණ්ඩලයට අනුයුක්තව රාජකාරි නිරත සේවකයෙකි.

විදුලිය විසන්ධි කිරීම සඳහා පැමිණි සේවකයන් සමඟ සිටි ඔහු සහ වෙළඳසැල් හිමියා අතර බහින්බස්වීමක් ඇතිවී, එය දැඩිවීමෙන් අනතුරුව පහරදීම සිදු වී ඇති බවට පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.