29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිහිනය පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

සිහිනය පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බවට බලාපොරොත්තු ලබාදී පුද්ගලයින් 150කට ආසන්න වශයෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ඊයේ (24) සවස, කිරුලපන පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

පසුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබියි.

අත්අඩංගුවට ලක්වූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වූ පුද්ගලයෙකු වන බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මේ දිනවල සිදුකරමින් පවතී.