මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතින බවට පැතිර යන කට කතා අසත්‍ය බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අනවශ්‍ය ලෙස තොග රැස් කර ගැනීමෙන් වළකින්නැයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමක් ද අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා මහතා පවසනවා.
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිව තිබෙනවා.
මෙලෙස අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ.
මේ වසර අවසන් වන තෙක් ඉන්ධන ඇණවුම් ලබාදී ඇති නිසා කිසිදු ඉන්ධන හිඟයකට ඉඩක් නැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කරන්නේ.
මේ අතර ඉදිරි මාස දෙකට අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බව අමාත්‍යවරයා කුමාර ජයකොඩි මහතා ද අවධාරණය කරනවා.
එබැවින් අනවශ්‍ය ලෙස තොග රැස් කර ගැනීමෙන් වළකින්නැයි අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.