30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරානය එක්ක  සාකච්ඡාවකට ට්‍රම්ප් සැරසෙයි 

ඉරානය එක්ක  සාකච්ඡාවකට ට්‍රම්ප් සැරසෙයි 

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අන්දමට ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වී ඇත.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් දිනකට පසුව මෙම ප්‍රකාශය එල්ල වීම විශේෂත්වයකි.

ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ, බොහෝ විට ඉදිරි සතියේ මෙම සාකච්ඡාව පැවැත්විය හැකි බවයි. එම සාකච්ඡා මාර්ගයෙන් දෙරට අතර න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත්, ඊශ්‍රායලයේ හමුදාමය ප්‍රහාරවලට ඇමෙරිකාව සහය දීම නිසා රාජ්‍යතාන්ත්‍රික අවකාශය පාවා දී ඇති බව ඉරාන නායකයා චෝදනා කරයි.