29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන උත්තරීතර නායකය අයතුල්ලා අලි කමේනිගෙන් අමෙරිකාවට රිදෙන්න පිළිතුරක් 

ඉරාන උත්තරීතර නායකය අයතුල්ලා අලි කමේනිගෙන් අමෙරිකාවට රිදෙන්න පිළිතුරක් 

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසන්නේ, අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළද එමගින් රටට බරපතළ හානියක් සිදු නොවූ බවයි. රාජ්‍ය රූපවාහිනිය හරහා අද (26) පැවති පටිගත වීඩියෝ පණිවුඩයකින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

කමේනි තවදුරටත් පැහැදිළි කළේ, තම ජාතිය කිසිවෙකුට යටත් නොවන අතර, ඊශ්‍රායලයට එරෙහි යුද්ධයේදී ඉරානය ජයග්‍රහණය ලබා ඇති බවයි. ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ජුනි 13 වනදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින මෙය පළමු අවස්ථාව වේ.

එමෙන්ම, ජුනි 22 වනදා ඇමරිකාව B2 ප්‍රහාරක යානා සහ බංකර්-බස්ටර් බෝම්බ භාවිතයෙන් ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම ගැනද කමේනි අදහස් දක්වමින්, එම ප්‍රහාරය සංඛේතාත්මක වූවද එහි සැබෑ බලපෑමක් රටට ඇති නොවූ බව පෙන්වා දුන්නේය. තවද, ඉරානය කිසිවකුට යටත් නොවන බව ඔහු අවධාරණය කළේය.