27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේ රැකියා අවස්ථා

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමික ලියාපදිංචිය හෙට (27) ආරම්භ වේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන පරිදි, ඊශ්‍රායලයේ පොදු ප්‍රතිසංස්කරණ, සෙරමික් ටයිල් සහ කපරාරු වැඩ ඇතුළත් ඉදිකිරීම් රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින්ගේ ලියාපදිංචිය හෙට (27) සිට ආරම්භ වනු ඇත. මෙම ලියාපදිංචිය කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා සිදු කෙරෙනු ඇත.

අයදුම්කරුවන් සඳහා අවශ්‍ය ගුණාංග:

  • වයස් සීමාව: 25-45 අතර පිරිමි අයදුම්කරුවන්
  • අදාළ රැකියා ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබිය යුතුය
  • වසර 10ක පාසල් අධ්‍යාපනය හා මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය
  • ඊශ්‍රායලයේ පෙර සේවය නොකළ හෝ ඥාතීන් නොමැති අයට පමණක් අයදුම් කළ හැකිය
  • ඊශ්‍රායලයේ දේශගුණික හා කාර්මික පරිසරයට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න අය

වැටුප් හා කොන්ත්‍රාත් තොරතුරු:

  • මාසික වැටුප: ඇමරිකානු ඩොලර් 1,520
  • කොන්ත්‍රාත් කාලය: මාස 63
  • අතිකාල වැඩ සඳහා අමතර ගෙවීම් ලබා ගත හැක

ලියාපදිංචි ක්‍රියාවලිය:

අදාළ අයදුම්පත් www.slbfe.lk වෙබ් අඩවියේ විශේෂ වෙබ් ද්වාරය හරහා හෙට (27) සිට ජූලි 1 දක්වා ඉදිරිපත් කළ හැකිය.