27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටොෆි කා ලෙඩ වූ දරුවෝ

ටොෆි කා ලෙඩ වූ දරුවෝ

ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඉබ්බාගමුව පොලගොල්ල ප්‍රදේශයේ පාසලක දරුවන් 25 දෙනකු රෝහල් ගත කර තිබෙනවා

එමෙන්ම වැඩිහිටියන් පස් දෙනකුද පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසන්නේ

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් 7 දෙනකු හා එක් වැඩිහිටියෙකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හා කැසීම ඇතුලූ රෝගී තත්ත්වයන් හට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් ලබා ගත් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම තත්වය මුහුණ පා ඇති බවයි සඳහන් වන්නේ..

පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට එම දරුවන් ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් පරීක්‍ෂා කල වෛද්‍යවරයකුට හා සාත්තු සේවකයකුට ද එකී ආසාත්මිකතාවය හට ගෙන ඇති බවද සඳහන්.