27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඊශ්‍රායලයට ඔත්තු දුන් 700කට වැඩ වරදී

ඊශ්‍රායලයට ඔත්තු දුන් 700කට වැඩ වරදී

ඉරානය තුළ ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම අත්අඩංගුවට ගත් අය අතරින් හය දෙනෙකු දැනටමත් ඝාතනය කර ඇති අතර, ඉදිරියේදී තවත් පිරිසක් ඝාතනය කිරීමට ඉරානය සූදානම් වී සිටින බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ යුද්ධ තත්ත්වයක් තුළදී වන අතර, ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය වීමත් සමගය.

අනෙක් අතට, ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ආරම්භ වී සිව්වන දිනයට එළඹ ඇති අතර, මෙම ගැටුමට තුන්වැනි පාර්ශ්වයක් ලෙස එක්වූ ඇමරිකාව සහ ඉරානය අතර පරස්පර අදහස් දැක්වීම් දිගින් දිගටම වාර්තා වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (25) ‘ඉරාන-ඇමරිකා’ න්‍යෂ්ටික සාකච්ඡා පිළිබඳව කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ (26) ප්‍රකාශ කර සිටියේ, එවැනි සාකච්ඡාවකට ඉරානය සූදානම් නොවන බවයි.