28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතුෂාර උපුල්දෙණිය බෝගම්බරට

තුෂාර උපුල්දෙණිය බෝගම්බරට

ජනා­ධි­පති පොදු සමාව අනී­ති­කව භාවිත කර සිර­ක­රු­වන් නිද­හස් කළේ යැයි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය මහතා බෝග­ම්බර බන්ධ­නා­ගා­රය වෙත මාරු­කර යවා තිබේ.

වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහල ආශ්‍රි­තයේ බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාගේ කාර්යා­ලය ආස­න්නයේ සිර­මැ­දි­රි­යක රඳවා සිටි ඔහුව වෙනත් බන්ධ­නා­ගා­ර­ය­කට මාරු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රිය කළ නියෝ­ග­යෙන් පසුව බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව මෙම පිය­වර ගෙන තිබිණි.

බෝග­ම්බර බන්ධ­නා­ගා­රය තුළ බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය මහ­තාට ප්‍රමා­ණ­වත් ආර­ක්ෂා­වක් ඇතැයි බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.