27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවනේ ප්‍රවේශම් වෙන්න

දරුවනේ ප්‍රවේශම් වෙන්න

“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “Clean Steps – Safety Roads – Be united for road safety” මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් ඊයේ (26) රුහුණ විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ හා මාතර වෙරළ උද්‍යානය අසලදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වයෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන මාර්ග ආරක්ෂක සංදර්ශනය මාතර වෙරළ උද්‍යානය අසලදී අද පෙරවරු 8.00 සිට පැවැත්වුණු අතර, මාතර අධ්‍යාපන කලාපයේ පාසල් සිසු සිසුවියෝ 1300ක් පමණ ඊට සහභාගි වූහ.

අනාගතයේදී ආචාරධාර්මික පුරවැසියන් ලෙස මාර්ග නීති අනුගමනය කෙරෙහි පාසල් දරුවන් වර්තමානයේ සිටම හුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

එසේම මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම, අනතුරු වළක්වා ගැනීම සහ ඒ සඳහා වගකීම් සහිතව ක්‍රියා කිරීම පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ කව බල ගැන්වීමද මෙමගින් අපේක්ෂා කෙරේ.