27 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී ඇත. අතුරුදන් වූ තරුණයා අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරු වන අතර ඔහුගේ වයස අවුරුදු 24කි.

ඊයේ (26) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් සිටියහ. ඔවුන් මුහුදු පතුල නිරීක්ෂණය කරමින් සිටියදී, එම සිසුවා අතුරුදහන් විය. පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකල් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳව කොළඹ වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ සිසුවා සොයාගැනීම සඳහා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් සහ රංගල නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් ඒකාබද්ධ මෙහෙයුම් දියත් කර ඇත. වැඩිදුර විමර්ශන කටයුතු ද කොළඹ වරාය පොලීසිය විසින් සිදුකරනු ලබයි.