26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබුදු පිළිමයක් හදන්න බිරියගේ නමට ලක්ෂ 350ක් අරන්

බුදු පිළිමයක් හදන්න බිරියගේ නමට ලක්ෂ 350ක් අරන්

අයථා ලෙස උපයා ගත් වත්කම්හි වටි­නා­කම නිශ්චිත ලෙස නොපෙන්වා වංච­නික ලෙස අව­ප්‍ර­මා­ණය කර පෙන්වී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේක­ම්ව­ර­යකු වූ සීමා හේවගේ ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත ක්‍රියා කළ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම විසින් පව­ත්වන ලද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇති බව කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය හමුවේ ඊයේ (26) දැනුම් දුන්නේය.

යම් යම් පුද්ග­ල­යන් තමන්ට ආධාර ලබා­දුන් බව සැක­කරු ප්‍රකාශ කළ ද එම පුද්ග­ල­යන් ඒ බව ප්‍රති­ක්ෂේප කරන බව ද අල්ලස් කොමි­සම තව­දු­ර­ටත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

අයථා වත්කම් රැස්කි­රීමේ චෝද­නාව මත අල්ලස් කොමි­සම මඟින් ඊයේ (26) අත්අ­ඩං­ගු­වට ගත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් සීමා හේවගේ ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී අල්ලස් කොමි­සමේ නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට මේ බව දැනුම් දුන්හ.

සිද්ධි­යට අදා­ළව සැක­කරු ජූලි 8 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මෙහිදී කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනුජා ලක්මාලි මහ­ත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි අධ්‍යක්ෂ (නීති) සුලෝ­චනා මහ­ත්මිය සඳ­හන් කරනු ලැබුවේ අයථා ලෙස උප­යා­ගත් වත්කම්හි වටි­නා­කම නිශ්චිත ලෙස නොපෙන්වා වංච­නික ලෙස අව­ප්‍ර­මා­ණය කර පෙන්වී­මට ක්‍රියා කළ ඇති බවය.

සැක­කරු පාණ­දුර ප්‍රදේ­ශයේ පන්ස­ලක බුදු පිළි­ම­යක් සෑදී­මට රුපි­යල් ලක්ෂ 145ක් යොදවා පසුව එම මුදල ලක්ෂ 350ක් දක්වා වැඩි කර ඇති බව ද අල්ලස් කොමි­සම දැනුම් දුන්නේය.

“ස්වාමීනි, එම විහා­ර­ස්ථා­නයේ හාමු­දු­රු­වන් එව­කට පිළිකා රෝගී තත්ත්ව­යක සිටි­යදී මුදල් සංශෝ­ධ­නය ගැන දිවු­රුම් ප්‍රකා­ශ­යක් ලබා දී අත්සන් ලබා ගෙන තිබෙ­නවා. පිළිම වහන්සේ විවෘත කිරී­මේදී සඳ­හන් කළ නිය­මිත මුදල් ප්‍රමා­ණය පසුව ඵල­ක­යක් සෑදී­මට ලෙස සඳ­හන් කර පසුව සංශෝ­ධ­නය කර තිබෙ­නවා.

එමෙන්ම ලක්ෂ 92කට නිශ්චල දේපො­ළක් මිලදී ගැනී­මට මුදල් වැය කරලා පසුව එය ලක්ෂ 40ක් බව දක්වලා තිබෙ­නවා. නමුත් ඔහුගේ බිරි­ය­ගෙන් ලබා­ගත් ප්‍රකාශ අනුව එදින ලක්ෂ 92ක් ලබා ගෙන ඔප්පුව මිලදී ගත් බව සඳ­හන් වුණා.”

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ නීති­ඥ­ව­රයා සඳ­හන් කරනු ලැබුවේ, සේවා­දා­ය­කයා අවු­රුදු 35ක් රාජ්‍ය සේව­ක­යකු ලෙස සේවය කරන බවයි.“ මගේ සේවා­දා­ය­ක­යාගේ ගිණු­ම්ව­ලට මුදල් දාලා තියෙන්නේ, හොර­කම් කරා නම් ගිණු­ම්ව­ලට මුදල් දාන්නේ නැහැ. සේවා­දා­ය­ක­යාගේ බිරි­යගේ ගිණු­මට දාලා තමයි මේ පිළි­මය සෑදී­මට ලක්ෂ 145ක් දාලා තියෙන්නේ. මගේ සේවා­දා­ය­කට පර්මිට් හත­රක් තියෙ­නවා. ඒ පර්මිට් විකු­ණපු සල්ලි තමයි බැංකු ගිණු­ම්ව­ලට දාලා තියෙන්නේ, ඊට අම­ත­රව MBA කරන්න එංග­ල­න්තය, ඉතා­ලිය, තායි­ල­න්තය වැනි රට­ව­ලට ගියා. එහිදී පුද්ග­ල­යන් සමඟ ඇති වූ සමීප සම්බ­න්ධ­තාව මත ලංකාවේ මෙම බුදු පිළි­මය සෑදී­මට ආධාර ලබා­ගෙන තිබෙන්නේ, විහා­ර­ස්ථාන සෑදීම කියන්නේ අට­මහා කුසල් මෙවන් පුණ්‍ය ක්‍රියා­වල තමයි මගේ සේවා­දා­ය­කයා නිරත වෙලා තියෙන්නේ, පාන­දුර ප්‍රදේ­ශයේ පර්චස් විස්සක ඉඩ­මක් පම­ණයි මගේ සේවා­දා­ය­ක­යාට තිබෙන්නේ, විශ්‍රාම යන­කම් රජයේ වාහන විත­රයි පාවිච්චි කරේ.Ó

Òස්වාමීනි, පන්සලේ පිළිම වහ­න්සේගේ කතාව 2018 පටන් ගත්ත දෙයක්, මගේ සේවා­දා­ය­ක­යාගේ බිරිය නමින් ගිණු­මක් විවෘත කරලා තමයි එම මුදල් දාලා තියෙන්නේ. මෙම පිළිමේ නිර්මා­ණය කිරී­මෙන් පසුව එම පිළි­මය වටා ඵල­ක­යක් සෑදී­මට තමයි පසුව ලක්ෂ 350ක් දක්වලා තියෙන්නේ මේ සියලු මුදල් එක් එක් පුද්ග­ල­ය­න්ගෙන් ලැබුණු ආධාර මිස අයථා ලෙස ලබා­ගත් දේවල් නෙවෙයි, ස්වාමීනි සිද්ධි­යට අදා­ළව පළ­මු­වම අත්අ­ඩං­ගු­වට ගත යුත්තේ සේවා­දා­ය­ක­යාගේ බිරිය, මොහු නොවේ, ස්වාමීනි, එම නිසා සුදුසු ඇප කොන්දේ­සි­යක් මත මාගේ සේවා­දා­ය­ක­යාට ඇප ලබා දෙන්නÓ යනු­වෙන් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

සිද්ධි­යට අදාළ විම­ර්ශන කට­යුතු තව­දු­ර­ටත් සිදු කිරී­මට තිබෙන අතර සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් සිදු විය හැකි බැවින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අල්ලස් කොමි­සම මෙහිදී අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය. ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­කරු ලබන 8 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­ම­ටත් විම­ර්ශන ප්‍රග­තිය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­ම­ටත් නියෝග කළාය.