26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරු. 50 වතුර බෝතලය 90ට විකුණා ලක්ෂ 10ක් දඩ කයි

රු. 50 වතුර බෝතලය 90ට විකුණා ලක්ෂ 10ක් දඩ කයි

බීමට සුදුසු ජල බෝතලයක් වැඩි මිලට විකිණූ මහරගම, පමුණුව පාර පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයකට රුපියල් මිලියනයක දඩ මුදලක් ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ඩී. සිල්වා ඊයේ (26 වැනිදා) නියම කළේය.

ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයේ නිලධාරීන් කරන ලද වැටලීමකදී අනාවරණය වී ඇත්තේ මිලි ලීටර් 500ක බීමට සුදුසු ජල බෝතලයක් රුපියල් 70ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළයුතු වුවත් මෙම ව්‍යාපාරික ආයතනය විසින් රුපියල් 90කට ඒවා අලෙවි කර ඇති බවයි.

අංක 243/15 හා අප්‍රේල් මස 01 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය මගින් කිසිම නිෂ්පාදකයකු, අසුරන්නකු, වෙළෙන්දකු හෝ බෙදාහරින්නකු විසින් දේශීයව බෝතල් කළ පානීය ජලය මිලි ලීටර් 500 – මිලි ලීටර් 999 ප්‍රමාණයේ පොලිඑලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70.00කට වැඩි මුදලකට වෙළෙඳාම් කිරිම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව සඳහන් වෙයි.

එසේ තිබියදී පෙර කී ආයතනය මගින් දේශීයව බෝතල් කළ පානීය ජලය මිලි ලීටර් 500 ප්‍රමාණයේ පොලිඑලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක් ඉහත නියෝගයේ සඳහන් මිලට වඩා වැඩි මිලට එනම් රුපියල් 90.00ක මුදලකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරි එස්.පී. පුංචිහේවාට අලෙවි කර ඇත.

මෑත කාලීනව බීමට සුදුසු ජල බෝතල් වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කරන ලද වැටලීම්වලින් වැඩිම දඩ මුදලක් නියම කරන ලද වැටලීම මෙය බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේය