28.4 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝට්ටු කුඩු කිලෝ 1758 ක් මාස දෙකකදී අල්ලලා

බෝට්ටු කුඩු කිලෝ 1758 ක් මාස දෙකකදී අල්ලලා

පසු ගිය අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රාවලින් මෙරටට රැගෙන ආ , හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් භාරයට ගෙන ඇතැයි පොලීස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ .

වැටලීම් 4ක් හරහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මෙම මත්ද්‍රව්‍ය තොගය භාරයට ගත් බව එම නිවේදනයේ දැක්වේ .
එම මාස දෙක තුළදී සැකකරුවන් 25 දෙනෙකුද , ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් බව එම නිවේදනයේ දැක්වේ .