25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසන පටි නීතිය කල් දමන ලෙස ඉල්ලීමක්

ආසන පටි නීතිය කල් දමන ලෙස ඉල්ලීමක්

ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත , බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා තිබේ .
පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන්නේ යැයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා තිබේ .
බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය , අනිද්දා එනම් ජූලි 01 සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන සභාව නිවේදනය කර තිබිණි .