පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් හබරණ, හතරැස් කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලිස් මුරපොළේ මාර්ග බාධකයේදී සැකසහිත ලොරි රථය නවත්වාගෙන තිබෙනවා.
එහිදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන ළඟ තිබෙන ඩෑෂ් බෝඩ් එක යට තිබී නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබූ වෙඩි බෙහෙත් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
ඒවා සී4 වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය බවටයි පොලිසිය සොයාගෙන ඇත්තේ.
සී4 වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් එහි තිබී සොයාගෙන ඇති බවයි හබරණ පොලිසිය පැවසුවේ.
අදාළ ලොරිරථය ගාල්ල, ලබුදුව ප්‍රදේශයේ සිට කන්තලේ දක්වා ධාවනය කර ඇති අතර එහි රියදුරු 59 හැවිරිදි පුද්ගලයෙක්.
සිය රථයේ මෙම පුපුරණ ද්‍රව්‍ය තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත්, කිසිවෙකු විසින් තමුන්ට හොරෙන් මේවා එහි සඟවන්නට ඇති බවත් රියදුරා පොලිසියට පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ලොරි රථය අද (30) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.