ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පිහිටි ඖෂධ කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදු ව තිබෙනවා.
hindustantimes.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඊයේ (30) රාත්‍රියේ මෙම පිපිරීමට ලක් ව ඇත්තේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ පිහිටි පශමිලරාම් කාර්මික වතුයායේ පිහිටි ඖෂධ කම්හලක්.
මෙම පිපිරීමට හේතුව ප්‍රබල ප්‍රතික්‍රියාකාරක ද්‍රව්‍යයක් බවත් වාර්තාවනවා..
පිපිරීමත් සමග කර්මාන්ත ශාලාවේ සිටි කම්කරුවන් ව මීටර් 100ක් පමණ ඈතට විසි වූ බව ද ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍යයට පවසා තිබෙනවා.
තෙලන්ගානා සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පිපිරීම සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 90ක් පමණ සිටි බවත්, එය ඉතා බලවත් වූ බැවින් සමහර සේවකයින් එම ස්ථානයේ සිට මීටර් 100 ක් පමණ දුරකට විසි කළ බවත්ය.
පිපිරීමෙන් පසු ව කර්මාන්ත ශාලාව ඇතුළත සිර වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, 42 දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් ප්‍රාන්ත පොලිසිය තහවුරු කළා.
සවුත් ෆස්ට් පුවත්පතට අනුව, මෙම කර්මාන්ත ශාලාවේ සේවය කළ බොහෝ දෙනෙක් ඔඩිෂා, උත්තර් ප්‍රදේශ් සහ අනෙකුත් ප්‍රාන්තවලින් පැමිණි සංක්‍රමණික කම්කරුවන් බවත් වාර්තා වනවා