27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි මල් කැකුළකට ජිවිතය අහිමිකළ අනතුරු

පුංචි මල් කැකුළකට ජිවිතය අහිමිකළ අනතුරු

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් 03 හැවිරිදි දරුවෙකු සහ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (30) කාත්තන්කුඩි, පුනරින් සහ මාන්කුලම් යන පොලිස් වසම්වලදී මෙම අනතුරු සිදුව ඇත.

කාත්තන්කුඩි අනතුර:
මඩකලපුව කල්මුනේ මාර්ගයේ සිට අරියම්පති කාලි කෝවිල් අතුරු මාර්ගයේ ධාවනය වූ බස් රථයක් පසුපසට ගමන් කරමින් සිටියදී කුඩා දරුවෙකු ගැටී අනතුරක් සිදුවිය. බරපතළ තුවාල ලැබූ දරුවා අරියම්පති රෝහලට ඇතුළත් කරන අතරතුර මිය ගියේය. මිය ගිය දරුවා ආරියම්පති 01 ප්‍රදේශයේ පදිංචි 03 හැවිරිදි කුඩා දරුවෙකු විය.

පුනරින් අනතුර:
යාපනය-මන්නාරම මාර්ගයේ අත්තායි හන්දිය අසල වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් සමඟ ගැටී අනතුරක් සිදුවිය. අනතුරින් යතුරුපැදිකරු සහ වෑන් රියදුරු තුවාල ලැබූ අතර, ඔවුන් පුනරින් රෝහලට ඇතුළත් කරන ලදී. යතුරුපැදිකරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන යන ගමනේදී තත්වය උග්‍රවීම හේතුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කරන අතරතුර මිය ගියේය. මිය ගිය තරුණයා මිරිසුවෙල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු විය.

මාන්කුලම් අනතුර:
මහනුවර-යාපනය මාර්ගයේ කිලෝමීටර් 245 කණුව අසල ලොරි රථයක අතුරු මාර්ගයක සිට පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුවිය. අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයේ සහායක තුවාල ලැබූ අතර, ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරන අතරතුර යතුරුපැදිකරු මිය ගියේය. මිය ගිය තරුණයා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු විය.