27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටේ තැන තැන – මෙරට පිටරට තුවක්කු එක්ක කට්ටිය කොටු වෙයි

රටේ තැන තැන – මෙරට පිටරට තුවක්කු එක්ක කට්ටිය කොටු වෙයි

මෙරට සහ විදේශීය නිෂ්පාදිත ගිනි අවි ළඟ තබාගත් ප්‍රදේශ කිහිපයක , පුද්ගලයන් කිහිපදෙනෙකු සහ එම ගිනි අවි පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ .

ඒ අනුව , ඊයේ (2‍9) දහවල් කාලයේ මහව , කුඹුක්වැව ප්‍රදේශයේදී මහව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු වයස අවුරුදු 40 ක් වන කුඹුක්වැව, බළල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම ඊයේ (.‍2‍9) දිනයේදීම උදෑසන කාලයේ දඹගල්ල , ඌව ගංගොඩගම ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ . එම සැකකරු වයස අවුරුදු 31 ක් වන දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හොරොව්පොතාන , පරංගියාවාඩිය ප්‍රදේශයේදී ද , ඊයේ(29 ) හොරොව්පොතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් , ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
එම සැකකරු වයස අවුරුදු 75 ක් වන හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සියලුම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර තිබේ .