28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාජ්‍ය භාෂා සතිය අද සිට ඇරඹෙයි

රාජ්‍ය භාෂා සතිය අද සිට ඇරඹෙයි

අදට යෙදෙන රාජ්‍ය භාෂා දිනය නිමිති කරගෙන අද සිට ( 01) සිට ජූලි 05 වනදා දක්වා රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා පවසනවා.

ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති රාජ්‍ය භාෂා සතිය පිළිබද මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

සෑම පුරවැසියෙකුටම සිය භාෂාවෙන් වැඩ කිරීමට සැළැස්විය යුතු බව පවසන ඒ මහතා එම පරිසරයක් උදා කිරීම වෙනුවෙන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන්නා.

ඒ වෙනුවෙන් පවතින අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු බව පවසන ඒ මහතා 2019.6.12 රාජ්‍ය භාෂා චක්‍රෙල්ඛය අනුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බවද වැඩිදුරටත් පැවසුවා.

රජ්‍ය භාෂා දිනයට සමගාමීව වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහතා සඳහන් කළා.