31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ගැන අලුත් ආරංචියක්

අස්වැසුම ගැන අලුත් ආරංචියක්

අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18ක පිරිසක් ප්‍රතිලාභ ලබන අතර තවත් ලක්ෂ 9ක් ඊට ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කළා.

ග්‍රාමීය දිළිදුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති‘ ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව ඉදිරියට කටයුතු කළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ප්‍රකෘතිමක් කිරීම තවදුරටත් අභියෝගයක් නොවන බව එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවින් පපර්ජෝජියෝ ප්‍රකාශ කළා.

ඒ එම අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පස් වැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 350ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.