31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාස 6ට සුරාබදු ආදායම බිලියන 120 පනී

මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 පනී

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 දක්වා රුපියල් බිලියන 120.5ක ආදායමක් රජයට උපයා දී ඇත. එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය 102.6%ක් ඉක්ම වූ ප්‍රගතියක් බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2022 වර්ෂයේ රුපියල් බිලියන170.3ක් ද, 2023 වර්ෂයේ රුපියල් බිලියන 178.6ක් ද, 2024 වර්ෂයේ රුපියල් බිලියන 226.7ක් ද රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇතැයි ද එම නිවේදනය මඟින් සඳහන් කර ඇත.

සෑම රජයක්ම මද්‍යසාර හා දුම්කොළ මත බදු පැනවීම සිදු කරනු ලබන්නේ හුදෙක් ආදායම වැඩි කරගැනීම සඳහා පමණක් නොවන අතර එකී නිෂ්පාදනයන් පරිභෝජනය කිරීම පාලනයට සහ එම නිෂ්පාදනයන්ට ඇති ඉල්ලුම අවම කරගැනිම තුළින් සමාජමය හා සෞඛ්‍යමය හානි අවම කිරීම ද අරමුණු කොටගෙන බව ද එම නිවේදනය මඟින් පෙන්වාදී තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

මද්‍යසාර හා දුම්කොළ බදු සම්බන්ධයෙන්, අපේක්ෂිත බදු ආදායම නියම කරනු ලබන්නේ එකී නිෂ්පාදන සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය හා ඉල්ලුම සහ පරිභෝජනය යන කරුණු විශේෂඥයන් මඟින් විශ්ලේෂණය කර වර්ෂයට අදාළ ආදායම පුරෝකථනය කිරීමෙන් පසුවය. එසේ රජයට ලබාගත හැකි ආදායම මත බදු ඉලක්ක ලබාදීම මුදල් අමාත්‍යංශය මඟින් සිදු කරනු ලැබේ. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපය තුළ, ලබා දී ඇති ආදායම් ඉලක්ක කරා ළඟා වෙමින්, රජයේ අරමුණු සාක්ෂාත් කිරීමට දායක වී ඇත.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව 2025 ජූනි මස 02 වැනි දින සිට 08 වැනිදා දක්වා “බදු ශක්ති” නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ සුරාබදු බලපත්‍ර ස්ථාන පරීක්ෂාව, සුරාබදු බලපත්‍රධාරීන්, ජනතාව දැනුම්වත් කිරීම හා නීතිවිරෝධි නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රිය දායකත්වයක් ලබා දී ඇත. තවද එම සතියට පමණක් සීමා නොවී අඛණ්ඩව ක්‍රියාත්මක සුරාබදු දෙපාර්තමේන්තුව උපරිම ධාරිතාවෙන් කටයුතු කර ජනාධිපතිතුමාගේ මෙම සංකල්පය සාක්ෂාත් කරගැනීමට පියවර ගන්නා ලදි. එහිදී මත්පැන්වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එම අරක්ෂිත මුද්‍රා ස්ටිකරය පරීක්ෂා කිරීමට පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දීම ද සිදු විය.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමත දෙපාර්තමේන්තුගත සේවක සංඛ්‍යාවෙන් 35% ක පමණ ඌනතාවක් සහිතව සේවයේ නියුතු සීමිත කාර්ය මණ්ඩලය මෙහෙයවමින් මෙම ප්‍රගතිය අත්කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.

පසුගිය වසර කිහිපය තුළ ලබා දී ඇති ආදායම් ඉලක්ක කරා ළඟා වෙමින් රජයේ අරමුණු සාක්ෂාත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය ක්‍රියා කළ ද ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය යනුවෙන් හඳුන්වා ගත් කණ්ඩායමක් පදනමක් රහිත විවිධ චෝදනා කරමින් මාධ්‍ය නිවේදන හා පුවත්පත්වල ලිපි පළ කරමින් ජනතාව තුළ රජය අප්‍රසාදයට පත්වන ආකාරයට විවිධ අසත්‍ය ප්‍රකාශ හා නිවේදන නිකුත් කිරීම සිදු කරනු ලබන බව දක්නට ඇත.

“බදු ශක්ති” වැඩසටහන මූලික කරගනිමින් මීගමුව ඇවෙන්රා හෝටලයේ 2025.06.14 දින එම සංගමයේ රැස්වීමක් දිවයිනේ ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක අනුග්‍රහයෙන් පවත්වා ඇත. එම සමාගමේ පරිගණක ආශ්‍රිත ඉදිරිපත් කිරීමක් මඟින් මත්පැන් හඳුන්වා දෙමින් මත්පැන් ප්‍රවර්ධනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ.