30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභාතිය හස්තියා ගැන ඇසුණු සතුටු පුවත

භාතිය හස්තියා ගැන ඇසුණු සතුටු පුවත

පසුගිය දිනවල රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයක පසුවූ භාතිය හස්තියාට අද දිනයේදීද ප්‍රතිකාර සිදුකරන ලදී. මෙම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් පැහැදිලි කර සිටියේ හස්තියාගේ ක්‍රියාකාරීත්වයේ යම් ඉදිරි ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි.

පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මෙම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
“අද තුන්වන ප්‍රතිකාර දවස ලෙස සිදුකරන අතර, ප්‍රතිකාර ක්‍රියාවලියේදී සතාගේ යම් ප්‍රගතියක් දක්නට ලැබී ඇත. විශේෂයෙන්ම, හස්තියා තම හොඬෙන් වතුර අරගෙන ඇගට වතුර ගසන ආකාරය සහ හිස දෙපැත්තට හෙලීමේ හැසිරීම නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම අත් සහ කකුල්වල චලනයන්හිද යම් වර්ධනයක් පෙනෙන්නට තිබේ. තත්ත්වය පිළිබඳ තවමත් සම්පූර්ණ නිශ්චිතතාවයක් නොමැති වුවද, ඊයේට සාපේක්ෂව අද උදෑසන ප්‍රගතියක් දක්නට ලැබිණි. ඊට අමතරව, හස්තියා නිතිපතා කෑම රටාවකට යොමුවීමත් සිදුවී ඇත. ගම්වැසියන් ද හස්තියාට ආහාර ගෙන එමින්, ඔහුව ආදරයෙන් පෝෂණය කරන ආකාරය දක්නට ලැබිණි.”