30.6 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාලිමාවේ පැහැරගැනීමට ලක්වූ මන්ත්‍රී යුවල සියල්ල හෙළි කරයි

මාලිමාවේ පැහැරගැනීමට ලක්වූ මන්ත්‍රී යුවල සියල්ල හෙළි කරයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පසුගිය 27 දින පැහැරගැනීමකට ලක්වූ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළේය.

පැහැරගැනීමට ලක්වූ අජිත් ප්‍රියන්ත නම් මේ මන්ත්‍රීවරයා මිට පෙර වසර 5ක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවේ කටයුතු කර ඇත.

මන්ත්‍රීවරයා සඳහන් කළේ මංගල සභාවාරයට යමින් සිටියදී පැහැරගැනීමකට ලක් වූ බවත්, ඒ සම්බන්ධව නීතිමය කටයුතු සඳහා සහය දෙමින් පැමිණිල්ලක්ද සිදු කර ඇති බවයි.

එසේ සිදු කර තිබියදීත් දිගින් දිගටම ඔවුන්ට විරුද්ධව යම් පිරිසක් විසින් මඩ අවලාද නගමින් සිටින අතර පරීක්ෂණ නොමග යැවීමටද කටයුතු කළ බවද ඔහු බවසයි.

වැලිගම දී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය පවසා සිටියේ, සිද්ධිය ඇසින් දුටු බව පවසන සර්වජන බලයෙන් ඉදිරිපත් වූ තනූජා නම් කාන්තාව මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් කලින් සිටම දැන සිටි බවට සැකයක් පවතින බවයි.

අදාළ කාන්තාව විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම මන්ත්‍රීවරිය වාහනයකට නගින ආකාරය සහ සතුටින් ගිය ආකාරය දුටුවා යැයි ප්‍රකාශ කර ඇති බවත් මන්ත්‍රීවරිය විසින්ම වාහනයක් ගෙන්වාගෙන තමාම පැහැර ගැනීමට ලක් වූ බව පවසා ඇත.

ඒ අනුව තමාට වඩා හොඳින් මේ සිද්ධිය පිළිබඳව තනූජා නම් කාන්තාව දන්නා බවත් එම කාන්තාව මේ සිද්ධිය වීමට පෙර සිටම දැනගෙන සිට ඇති බව තමාට හිතෙන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ පැහැරගැනීමට ලක්වූ මන්ත්‍රීවරයා..

මටත් තියෙනවා මරණ භය කියල එකක්. මටත් ළමයි ඉන්නවා. මම තාත්තා කෙනෙක් හැටියට මගේ ළමයින්ට මං ආදරෙයි. ඒ වගේම අපේ කණ්ඩායමට මරණ තර්ජන මීට කලින් තිබුණා. එක සහෝදරයෙක්ට මරණ තර්ජන වගේම ළමයි මරනවා කියල තිබුනා. මාතර උසාවියේ මේ සම්බන්ධව නඩුවක් ෆයිල් කරලා ඉන් පස්සේ ඇප මත නිදහස් වෙච්ච් මන්ත්‍රීවරයෙක් ඉන්නවා. එහෙම අය මේ පිරිස් අතරේ ඉන්නවා. අපිට මරණ බය තිබ්බ නිසා තමයි අපිට තර්ජනය කරද්දීත් සාමකාමීව ගියේ”

ඒ මොහොතේ අදාළ මන්ත්‍රීවරයාට සහ මන්ත්‍රීවරියට කිසිවක් කරගත නොහැකි වූ නිසා පැහැරගත් පිරිසට යටත් වූ බවද ඔහු පැවසුවා. මේ වන විට මෙම දෙදෙනාගේ පවුලේ අය සහ දරුවන් කම්පනයට පත් වී ඇති බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ පැහැරගත බව කියන මන්ත්‍රීවරිය ගුරුවරියක් නිසා සිසුන්ට මුහුණ දීමට නොහැකි වී ඇති බව පැවසුවා.

අවලාද නගන පිරිස් අභූත චෝදනා නගමින් සිටින අතර හෝටල් වල සිටියදී හසු වූ බවට සහ “නිරුවත හෙළිවෙයි” වැනි වචන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් නින්දා අපහාස සිදු කරන බවද ඔහු පවසයි.

මීළඟ සැසි වාරය සඳහා මොවුන් දෙදෙනා ගෙන්වා නොගැනීමට කුමන්ත්‍රණයක් පවතින බව සඳහන් කරමින් අදාළ මන්ත්‍රීවරයා සඳහන් කළේ මිට අදාලව පරීක්ෂණ නොමග යැවීමටද යටකී පිරිස දැවැන්ත උත්සාහයක් ගන්නා බවයි.

මෙහිදී පැහැර ගැනීමට ලක් වූ බව කියන ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පුහුලහේන කොට්ටාශයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ කමනි අල්විස් ද මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

කවුරුන් කෙසේ සිතා ගත්තද තමාට ගැටළුවක් නොමැති බවත් ඇය පිළිබඳව ඇයගේ සමීපතයන් හොඳින් දන්නා බවත් ප්‍රකාශ කරමින් ඇය කියා සිටියේ තමාව නිවැරදි කර ගැනීමට වෙහෙස වීමට අවශ්‍ය නොමැති බවයි.