28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News3,812කට රතු නිවේදන

3,812කට රතු නිවේදන

පසුගිය සතියේදී දිවයින පුරා පරිශ්‍ර 144,250ක් පරීක්ෂාවට භාජනය කළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළාය.

පසුගිය සතිය තුළදී මදුරුවන් බෝවිය හැකි යැයි හඳුනාගත් පරීශ්‍ර 35,495ක්ද හඳුනාගත් බවත් මදුරු කීටයින් සහිතව පරීශ්‍ර 4,275ක් හඳුනාගත් බවත් රතු නිවේදන 3,812ක් සහ නීතිමය ක්‍රියාමාර්ග 982ක්ද ගනු ලැබූ බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙම මදුරු මර්දන සතියේදී පාසල්, රජයේ ආයතන, කර්මාන්ත ශාලා වැඩබිම්, ආගමික ස්ථානවල මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර පාසල් පරිශ්‍ර 400ක් නිරීක්ෂණය කර එහිදී පාසල් 226ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන ලෙසද හඳුනාගෙන ඇත.

තවද නිවාස 131,789ක් පරීක්ෂා කළ බවත් 31,967ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන ලෙසද හඳුනාගෙන ඇති බවත් රජයේ ආයතන 955ක් පරීක්ෂා කළ බවත් ඉන් 292ක මදුරු කීටයින් බෝ විය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේ සමස්ත ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සම්බන්ධව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.