31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“Clean School” වැඩසටහන අද

“Clean School” වැඩසටහන අද

Clean Steps – Safe Spaces” තේමාව යටතේ පාසල්, පිරිවෙන් සහ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කේන්ද්‍ර කරගනිමින් “Clean School” වැඩසටහන අද (09) පැවැත්වෙනවා.

“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව පාසල් පද්ධතිය තුළ දියත් කරනු ලබන Clean Steps – Safe Spaces තේමාව යටතේ අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා (07) අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පසුගිය මාස හය ඇතුළත ශ්‍රී ලංකාවේ ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වැඩි වන බව සෞඛ්‍ය අංශ මඟින් සිදුකරන ලද අනාවරණය හේතුවෙන් පාසල් සිසුන් අතර මෙම රෝග ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පාසල්, පිරිවෙන් සහ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කේන්ද්‍ර කරගනිමින් Clean School එක් දින වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශ සංග්‍රහය දිවයිනේ සියලුම අධ්‍යාපන ආයතන හා අංශ වෙත යොමු කර තිබෙනවා.

පරිසර හිතකාමී, ආකල්ප සංවර්ධනය වූ සමාජ වගකීමෙන් යුතු ප්‍රජාවක් ගොඩනගා ගැනීම අරමුණින් “Clean Sri Lanka Month” වැඩසටහන සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ සංග්‍රහය අනුව පාරිසරික කුළුණ යටතේ පාසල්වල සනීපාරක්ෂාව සහ පවිත්‍රතාව සම්බන්ධ ගැටලු හඳුනාගෙන, ඒවාට විසඳුම් සෙවීම ද සාමාජික කුළුණ හා සාරධර්ම කුළුණ යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මෙම දිනවල සියලුම පාසල්වල ක්‍රියාත්මක අතර, පාසල් පරිශ්‍ර තුළ දරුවන්ට අනතුරුදායක හා අවදානම් කලාප හදුනා ගැනීම ද මෙම වැඩසටහනට ඇතුලත්.

අද (09) පාසල තුළ මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනා ගැනීම හා ඒවා විනාශ කිරීම, ගොඩනැගිලි හා පන්ති කාමර පිරිසිදු කිරීම, ජලනල සහ වැසිකිලි පද්ධති පිරිසිදු කිරීම, ක්‍රීඩා පිටි හා උද්‍යාන පිරිසිදු කිරීම, පැළ සිටුවීම, හරිත කලාප සංවර්ධනය, පාසල් පරිශ්‍රයන් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේදයන් සකස් කිරීම වැනි වැඩසටහන් රාශියක් පාසල් පද්ධති, පිරිවෙන් සහ විද්‍යාපීඨ තුළ ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහන මගින් සිදු කරයි.

එමෙන්ම පළාත් වශයෙන් WhatsApp Group සකස් කර ඇති අතර ඒ ඒ පළාතට අදාල QR කේත මගින් එම සමූහයන් සඳහා එක්වීමට හා තොරතුරු හුවමාරු කර ගැනීමට, සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.