30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී කොටු?

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී කොටු?

වර්තමානයේ මෙරට පාතාලයේ දරුණුම අපරාධකරු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා මැලේසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට, තහවුරු නොකළ වාර්තා සඳහන් කරයි.

කෙහෙල්බද්දර පද්මේ සමග කොමාන්ඩෝ සලින්ත සහ හරක්කටාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන සිටින බව මැලේසියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පැවසීය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන මැලේසියාව හරහා තායිලන්තයට පලා යෑමට උත්සාහ කරද්දී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල සාමාජිකයන් මැලේසියානු පොලිසියට කොටු වී තිබිණි.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තිදෙනකු මැලේසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති නමුත් මේ වනතුරුත් එරට පොලිසිය එය තහවුරු කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් මැලේසියානු පොලිසිය සමග සාකච්ඡා කරගෙන යන බව ද වීරසූරිය මහතා කියා සිටියේය. කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ කෙහෙල්බද්දර පද්මේ ය.

කොමාන්ඩෝ සලින්ත විසින් මෙම ප්‍රහාරය මෙහෙයවූ අතර පද්මේගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන්නේ ද සලින්ත නමැති පාතාල මැරයා බව පොලිසිය පවසයි.

පද්මේ සමග අත්අඩංගුවට ගෙන සිටින සෙසු පාතාල මැරයන් අතර සලින්ත ද සිටින බව පොලිසිය පවසයි. ගම්පහ පාතාලයේ කිරුළ දිනාගැනීම සඳහා ගණේමුල්ලේ සංජීව සහ කෙහෙල්බද්දර පද්මේ අතර කාලයක පටන් ගැටුම් පැවතිණි. මෙම ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පාතාල සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් 20කට අධික පිරිසක් ඝාතනයට ලක්ව ඇත.

සිය පියා වූ කෙහෙල්බද්දර නෙවිල් ඝාතනය කර තිබුණේ ගණේමුල්ලේ සංජීව ඇතුළු පාතාල මැරයන් පිරිසක් විසින් නිසා ඊට එකට එක කිරීමක් ලෙස පද්මේ සංජීව ඝාතනය ක්‍රියාත්මක කරන ලදී.

ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා අවස්ථා කීපයකදීම ඝාතනය කිරීමට පද්මේ උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. ඉකුත් 2021 වර්ෂයේදී කෙහෙල්බද්දර පද්මේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන ඩුබායි රාජ්‍යයට පලා ගොස් තිබිණි. මොහු මෙසේ පලා ගිය විදේශ ගමන් බලපත්‍රය 2014 වර්ෂයේදී නිකුත් කළ එකක් වන අතර එය ඉකුත් 2024 වර්ෂයේදී කල් ඉකුත් වී තිබිණි.

පද්මේ සිය සහචරයන් යොදාගෙන අලුත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කර ගැනීමට උත්සාහ කළ ද එය පසුව ව්‍යර්ථ විය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු හරහා එය ඉෂ්ට කර ගැනීමට උත්සාහ කළ ද අවසානයේදී එම කොමසාරිස්වරයා පොලිසියට කොටු විය.

මෙම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමට කටයුතු කළ පද්මේගේ සහචරයෝ දෙදෙනෙක් ද පසුව පොලිසියට කොටු වූහ.

කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ වෙනත් පුද්ගලයකු හරහා පසුගියදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරගෙන එය ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වාගෙන තිබූ බව පසුව හෙළි විය. පද්මේ මැලේසියානු පොලිසියට කොටු වී ඇත්තේ එම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය හරහා තායිලන්තයට පලා යෑමට උත්සාහ කරද්දී එරට දේශසීමාවේදී ය.

මැලේසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනා එරට පොලිසිය සමග සාකච්ඡා කර කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මැලේසියානු පොලිසිය මගින් ලිඛිතව දැනුම් දෙන තුරු බලා සිටින බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.