වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින්.
2025.06.24 වන දින බොරැල්ලපොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයට අදාලවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 180ක් අපරාධ කොට්ඨාසයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 35ක් වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ලපොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.