30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංගිමලේ ජලාශයේ ගිලුණු සිසුවාගේ මළ සිරුර සොයා ගැනේ

සිංගිමලේ ජලාශයේ ගිලුණු සිසුවාගේ මළ සිරුර සොයා ගැනේ

හැටන් සිංගිමලේ ජලාශයේ ගිලී අතුරුදහාන්ව සිටි රාම් මුර්ති තමිල් මාරන් (අවු 17) නමැති පාසල් සිසුවාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ගොඩ ගැනීම ඊයේ සිදු කරන ලදී.

කොටගල කේම්බි්‍රජ් විදුහලේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා ඔහුගේ යහළුවන් කීපදෙනකු සමග 08 වැනිදා සවස හැටන් සිංගිමලේ රක්ෂිතයේ පවතින සිංගිමලේ ජලාශය අසලට පැමිණ ඡායාරූප ගෙන කකුල් සේදීම සඳහා මෙම ජලාශය අසලට යාමේ දී පය ලිස්සා එම සිසුවා ජලාශයට වැටි අතුරු දහන්ව තිබිණි. පසුව හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් මෙම සිසුවා සොයා පරීක්ෂණ ආරම්භ කළ ද සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු නාවික හමුදාවේ කිමිදුම්කරුවෝ සිංගිමලේ ජලාශයට බැස එම සිසුවා සෙවීමට පියවර ගත්හ. එම අවස්ථාවේ නාවික හමුදා කිමිදුම්කරුවෝ ජලාශයේ තිබී මළ සිරුර සොයා ගත්හ.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වීම සඳහා මළ සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හැටන් පොලිසිය විසින් සිදු කරනු ලබන බවත් හැටන් පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

පානීය ජල සැපයුමත් අත්හිටුවයි

මේ පිළිබඳව කරන ලද විමසිමක දී අදහස් දැක්වූ හැටන් ජල මණ්ඩලයේ නිලධාරියකු පැවසුවේ සිද්ධිය දැනගත් වහාම

සිංගිමලේ ජලාශයෙන් ජල පාරිභෝගිකයන්ට සපයනු ලබන ජල සැපයුම නතර කිරීමට පියවර ගත් බවය.

එම සිසුවාගේ මළ සිරුර ගොඩ ගැනීමෙන් පසුව එම ජලාශයේ ජලය හිස් කර නැවත ජලය පුරවා ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට ජලය සැපයීමට සිදුවන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.