27.8 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරි ගවයින් වෙනුවෙන් රජය ගත් අලුත්ම තීරණය

කිරි ගවයින් වෙනුවෙන් රජය ගත් අලුත්ම තීරණය

කිරි ගවයින් මෙරටට ආනයනය කිරීම වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කොට,උසස් තත්වයේ කිරි ගවයින් මෙරටදීම නිපදවීමව රජය සැලසුම් කොට තිබෙනවා.

මේ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් පශු සම්පත් සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කොට සිටියා.

පහුගිය කාලයේ ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරිගවයින් ලෙඩ රෝග වැනි හේතු නිසා නිකරුණේ විනාශ වී ඇති බවත්, එසේ ගෙන්වූ පන්දහසක් පමණ ගවයින්ගෙන් හාරසීයක්වත් මේ වනවිට ඉතිරිව නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කොට සිටියා.

එසේ හෙයින්, ලිංග නිර්ණය කළ ශුක්‍ර වඩි ආනයනය කරමින් ඒ හරහා නීරෝගී කිරි ගවයින් පහළොස්දහසක සංඛ්‍යාවක් මෙරටදීම බිහි කිරීමේ සැලසුමක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දියත් කොට ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.