26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමග අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමග අයෙක් අත්අඩංගුවට

2025.07.14 දින දහවල් කාලයේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ අංගයක් ලෙස මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන ප්‍රදේශයේදී වැටලීමක් සිදු කරන ලදී.

මෙම මෙහෙයුමේදී, පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද බවට සැක කරන ලද ජිප් රථයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු පිළිබඳ විස්තර:

  • වයස: අවුරුදු 53
  • ජීවත්වන ස්ථානය: හිඹුටාන, මුල්ලේරියාව

මුල්ලේරියාව පොලිසිය විසින් අදාල සැකකරුවා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.