29 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමෙරිකා බදු අඩු නොවුණොත් ඇගළුම් කරුවෝ අවදානමක

ඇමෙරිකා බදු අඩු නොවුණොත් ඇගළුම් කරුවෝ අවදානමක

ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත්, ඇමරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් සිය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් තිබෙන බව ඇඟලුම්කරුවෝ පවසති.

මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.”අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ වියට්නාමයට සියයට 20 ක තීරුබදු ප්‍රතිශතයක් පැනවී තිබීමත්, ඉන්දියාවට සියයට 20 ට වඩා අඩු තීරු බදු ප්‍රතිශතයක් පැනවෙනු ඇතැයි අපේක්ෂා කිරීමත් හේතුවෙන් මෙරටට පනවා ඇති සියයට 30 තීරු බද්ද අඩුකර ගැනීමට උපරිම උත්සාහ කළ යුතු බව ඇඟලුම් කරුවෝ ප්‍රකාශ කළහ.

ඉන්දියාව සහ ඇමෙරිකාව අතර එළැඹීමට නියමිත වෙළෙඳ ගිවිසුම හේතුවෙන් “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ සියයට 20ට වඩා අඩු තීරු බද්දක් ඉන්දියාවට පැනවෙනු ඇතැයි වාර්තා පළවී තිබෙන බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට විශාලතම අවදානම ඉන්දියාවෙන් එල්ල වනු ඇති බවත් ඇඟලුම්කරුවෝ ප්‍රකාශ කළහ.

පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයනයෙන් ලැබූ ආදායම සියයට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ අතර ඉන් සියයට 40.04 ක ප්‍රතිශතයක් එසේත් නැතිනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් උපයා තිබුණේ ඇමෙරිකාවට සිදුකළ ඇඟළුම් අපනයනයන් ගෙනි.

එසේම මෙම වසරේ පළමු මාස 5 තුළදී ඇඟලුම් අපනයනයන්ගෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් වන අතර ඉන්ද ඇමෙරිකානු ඩොලර් මිලියන 746.53 ක් උපයා ඇත්තේ ඇමෙරිකානු වෙළෙඳපොළට සිදුකළ ඇඟලුම් අපනයනයන්ගෙනි.

ඇඟලුම් අපනයන සඳහා මෙරට ප්‍රධාන වෙළෙඳපොළ වන්නේ ඇමෙරිකාව වන අතර දෙවැනි තනි ප්‍රධාන වෙළෙඳපොළ වන්නේ එක්සත් රාජධානියය. පසුගිය වසරේදී ඇමෙරිකාව සියයට ඇඟලුම් අපනයනයන්ගෙන් සියයට 40.04 ක කොටසක් හිමිකර ගනිද්දී, එක්සත් රාජධානිය හිමිකර ගෙන තිබුනේ සියයට 14.17 ක ප්‍රතිශතයකි

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව යනු මෙරට ප්‍රධාන ඇඟලුම් වෙළෙඳපොළ බවත් එය එක් රැයකින් ආදේශ කළ නොහැකි බවත්ය. ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රකාශ කර තිබුණේ ජනපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදාට පෙර අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එලෙස අඩුකර ගැනීමට නොහැකි වුවහොත් ඉන් ඇඟලුම් කර්මාන්තයට අවදානමක් එල්ල විය හැකි බවත්ය.