28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප් බද්ද අඩු කරගන්න මහන්ද සමරසිංහ දුන් දායකත්වය ගැන කියන්න බෑ

ට්‍රම්ප් බද්ද අඩු කරගන්න මහන්ද සමරසිංහ දුන් දායකත්වය ගැන කියන්න බෑ

ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ තීරු බදු අඩු කර ගැනීමට ලබා දුන් දායකත්වය පිළිබඳ කිසිවක් කිව නොහැකි බව අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.

එම බදු අඩු කර ගැනීම සඳහා තානාපති මහින්ද සමරසිංහගේ රාජතාන්ත්‍රික අත්දැකීම් සහ සබඳතා විශාල පිටුවහලක් වූයේ යැයි ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඊයේ (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ප්‍රශ්න කළ විට හෙතෙම මේ බව කීය.

ඇමරිකානු රජය සමග එම සාකච්ඡාව සඳහා සහභාගී වූ දූත පිරිස ගැන තමන් තුළ විශ්වාසයක් ඇති බව ද මෙම බදු අඩු කර ගැනීම ලබා දුන්නේ එම පිරිස බව ද ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඇමරිකාව 44%ක් ලෙස පැනවූ තීරු බද්ද මෙම සාකච්ඡාවලින් පසු 30% දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.