28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙම මස පළමු දින 13 තුළ සංචාරකයන් 79,771 ක් දිවයිනට

මෙම මස පළමු දින 13 තුළ සංචාරකයන් 79,771 ක් දිවයිනට

මෙම මස පළමු දින 13 තුළ දී මෙරටට සංචාරකයන් 79,771 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,247,815 සීමාව පසුකර ඇත. පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 16,329 ක් මෙරටට පැමිණ තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.5 කි.

දෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්ය. මෙම වසර තුළදී ද මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මෙම වසර තුළ දී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 258,323 ක් මෙරටට පැමිණ ඇත.