27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 07ක් වනු ඇත.
ඉන් ප්‍රධාන විෂයයන් 05ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු වේ. එම විෂයයන් වන්නේ, ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාවයි.
ඊට අමතරව, තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙයි.එම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා තිබේ.ඒ අනුව, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකි වේ.