27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැරී පොටර් නිළියට රිය පැදවීම තහනම්

හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම්

“හැරී පොටර්” චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතය නිරූපණය කරමින්, ලොව කාගේත් ආදරය දිනූබ්‍රිතාන්‍ය නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනමක් නිකුත් කර ඇත.

ඒ, 35 හැවිරිදි ඇය 2023 ජූලි 31 වනදා ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට සැතපුම් 38 ක වේගයෙන් රිය පදවීම සම්බන්ධයෙන් වනරදකාරිය වීම නිසාය.

ඊට අදාළ නඩුව ඊයේ (16)  හයි වයිකොම්බ් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති අතර, වොට්සන් එම නඩු විභාගය සඳහා පෙනී සිට නැත.

අධිකරණය විසින් ඇයට පවුම් 1,044ක ( ඇමෙරිකානු ඩොලර් 1,400කට ආසන්න) දඩයක් නියම කළ අතර, ඇය රිය පැදවීම සඳහා නුසුදුසු යැයි තීරණය කළ බව පැවැසෙයි.