25.6 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාදුක්කේ අනතුරකින් දෙදෙනෙක් මරුට

පාදුක්කේ අනතුරකින් දෙදෙනෙක් මරුට

පාදුක්ක හල්පෙවත්ත ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදියෙහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

අනතුරට පත් ට්‍රැක්ටර් රථය සහ යතුරුපැදිය දෙකම වේගයෙන් ධාවනය කර ඇති බවත් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ පසුපැදිකරු ට්‍රැක්ටරයෙහි ගැටී බරපතල තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල වග ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 48 සහ 42 වන පුද්ගලයින් දෙදෙනෙකි.

මියගිය දෙදෙනාගේ දේහයන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.