29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන වසරේ පාසල් නිල ඇදුම් දෙන්නේ මෙහෙමයි

ලබන වසරේ පාසල් නිල ඇදුම් දෙන්නේ මෙහෙමයි

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදිවලට අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදී අවසන් බව නිල වශයෙන් දැනුම්දීම ඊයේ (16) සිදුකර තිඛෙනවා.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Pi Zhenhong අතර සිදුවුණු බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙසට වන ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මහජන චීන සමූහාණ්ඩුවේ ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.