29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී දළදා ඇසල පෙරහර මංගල්‍යය 25වනදා සිට

ශ්‍රී දළදා ඇසල පෙරහර මංගල්‍යය 25වනදා සිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.

ජුලි මස 30වන දින සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

මේ අතර, පෙරහර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.