ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් එහි තරග පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල අප්‍රේල් මාසයේදී පැවැත්වෙන අතර පිරිමි සහ කාන්තා විස්සයි 20 තරගාවලි 2028 ජූලි 12 සිට ජූලි 29 දක්වා පැවැත්වෙන බව (16දා) නිවේදනය කරනු ලැබීය.
එහි පදක්කම් හිමිවන තරග පිළිවෙලින් ජූලි 20 (කාන්තා) සහ ජූලි 29 (පිරිමි) යන දිනවල පැවැත්වීමට නියමිතව ඇත.