30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් උසාවි යෑමට සැරසෙයි

ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් උසාවි යෑමට සැරසෙයි

මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ කාර්ය භාරය ආණ්ඩුව ඉන්දියානු සමාගමකට ලබා දීමට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය.

මෙම කාර්ය ඉන්දියාවට පැවැරීමෙන් මෙරට ජනතාවගේ සියලු ජීව දත්ත ඉන්දියාවට ලබාගත හැකි පරිසරයක් නිර්මාණය වන බවද ඊට මෙරට සියලු ජනතාව විරුද්ධ බවද ජාතික නිදහස් පෙරමුණු නායකයා කීය.

මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට යෑම පිළිබඳ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඉතා ඉක්මණින් ඉන්දියාව සමග කරන්නට සැරසෙන මෙම අසම්මත ක්‍රියාවට එරෙහිව මෙම නීති ක්‍රියාමාර්ග ගන්නා බවද විමල් වීරවංශ සඳහන් කළේ ය.

ඔහු තවදුරටත් පැවසුවේ, ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව සියලු විපක්ෂ දේශපාලන පක්ෂ අනෙකුත් ප්‍රතිපත්ති හා දේශපාලන අසමානතා අත්හැර එක්විය යුතු බවත් විපක්ෂ දේශපාලන පක්ෂ එසේ එක්වීම පිළිබඳවද සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමක් පවතින බවත් ය.

මෙම ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට මෙරට හැඳුනුම්පත් සකස් කරන ප්‍රමුඛ ආයතනයට හැකි බව ද එසේ තිබියදී ඉන්දියානු සමාගමකට මෙම කාර්යය ලබා දීම මෙරට ජනතාවගේ බදු මුදල් අවභාවිත කිරීමක් යැයිද විමල් විරවංශ පැවසීය.

කොළඹදී ඊයේ (ජූලි 16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මෙම අදහස් පළ කළේ ය.