28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරූපලාවණ්‍යාගාරයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහිසුන් වෙයි

රූපලාවණ්‍යාගාරයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහිසුන් වෙයි

නුවර, පේරාදෙණිය මාර්ගයේ මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවණ්‍යාගාරයක් තුළ පුද්ගලයන් පිරිසක් හදිසියේ සිහිසුන්ව ඇද වැටීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් තරුණියන් හය දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර එහි සියලු දොර ජනෙල් වසා දමා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම හදිසි තත්ත්වය උද්ගතව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අසල වෙළඳසැලක සේවකයෙක්, රූපලාවණ්‍යාගාරයේ ඉදිරිපස සිහිය නොමැතිව වැටී සිටි තරුණියක් දැක ඇති අතර ඉන්පසු තවත් කිහිප දෙනෙක් සමග විත් දොර විවෘත කර ඇතුලට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේ තවත් තරුණියන් සය දෙනෙකු හා පුද්ගලයකුද එහි සිහි නොමැතිව වැටී සිටින අයුර දැක තිබෙනවා.

එම පිරිස විසින් මේ පිළිබදව පොලිසිය දැනුවත් කර ඇති අතර පසුව සිහි නොමැතිව සිටි පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝහල්ගත කළ අයගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.