29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙම වසරේ මුල් මාස පහේදී අල්ලස් නඩුවලින් ලක්ෂ 14ක ආදායමක්

මෙම වසරේ මුල් මාස පහේදී අල්ලස් නඩුවලින් ලක්ෂ 14ක ආදායමක්

මෙම වසරේ ජනවාරි මාසයේ 1 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා ගතවූ මාස පහේදී අල්ලස් ලබාගැනීම්වලට අදාළව කරන ලද නඩු පැවරීම්වලින් රුපියල් දහ හතර ලක්ෂ තිස් හත් දහස් පන්සියයක මුදලක් ආදායම් වශයෙන් රජයට ලැබී තිබේ.

ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දඩ මුදල් ලෙස රුපියල් විසිදහසක්, මහාධිකරණයේ දඩ මුදල් ලෙස රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සියයක්, මහාධිකරණයේ දණ්ඩන මුදල් ලෙස රුපියල් පනස් පන්දහසක් සහ රාජ සන්තක කරන ලද මුදල් වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලැබී ඇත.

මේ අතර ගත වූ මාස පහක කාලයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි දෙදහස් එකසිය තිස් අටක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි. මැයි මස 31 දක්වා ගත වූ කාලයේදී සිදුකර ඇති මුළු වැටලීම් සංඛ්‍යාව 44කි. අදාළ වැටලීම්වලදී සැකකරුවන් වශයෙන් පුද්ගලයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මැයි මස 31 වැනිදා වන විට මහෙස්ත්‍රාත් අධිකරණ තුළ නඩු 22ක් විභාග වෙමින් පවතින අතර, මහාධිකරණය තුළ තවත් නඩු 249ක් සහ ත්‍රිපුද්ගල මහාධිකරණය තුළ තවත් එක් නඩුවක් විභාග වෙමින් පවතින බව ද අල්ලස් කොමිසම සඳහන් කරයි.

අදාළ කාලය තුළ ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව ඉකුත් මැයි මාසය අවසන් වන විට මහාධිකරණය තුළ පවරා ඇති නඩු සංඛ්‍යාව 42කි. ජනපද නිලධාරීන්, ග්‍රාම නිලධාරීහු, පොලිස් කොස්තාපල්වරු, පොලිස් සැරයන්වරු, උප පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු, විදුහල්පති, තක්සේරු නිලධාරීහු, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ඇතුළු රැසක් මෙම පැමිණිලිවල චූදිතයෝ බවට පත්ව සිටිති.