31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීදූවේ වෙඩි තැබීමේ සුලමුල

සීදූවේ වෙඩි තැබීමේ සුලමුල

සීදූව රාජපක්ෂ මාවත ප්‍රදේශයේදී (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසිය.

විශ්‍රමික යුද හමුදා සෙබළාට සැකකරුවන් වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කර පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

එම වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ මුඛය සහ පාදවලට තුවාල සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ විශ්‍රාමික යුද හමුදා සෙබළාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් රාගම රෝහලට ගොස් ඇති බව ද පොලිසිය පවසයි.