30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතාප්පෙට උඩින් බන්ධගාරයට ආ බඩු

තාප්පෙට උඩින් බන්ධගාරයට ආ බඩු

වාරියපොල බන්ධනාගාරය තුළට විසිකර තිබූ පාර්සලයක් එදින රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් භාරයට ගෙන වාරියපොල බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම පාර්සලය තුළ තිබී දුරකථන 01ක්,ගංජා යැයි සැකකළ හැකි ග්‍රෑම් 12ක්, සහ හඳුනා නොගත් බෙහෙත් කරල් 82ක ප්‍රමාණයක් සිය භාරයට ගත් බව බන්ධානාගරා නිලධාරීන් සඳහන් කළා.

තවද දුම්කුඩු ග්‍රෑම් 20ක්,දුම්කොළ පලු 08 ක්, සහ ලයිටර් 05ක්ද සිය භාරයට ගත් බවයි එම නිලධාරීන් සඳහන් කළේ.

මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ප්‍රමාණය වාරියපොල පොලිස් ස්ථානය වෙතත්, අනෙකුත් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බලකාය වෙතද භාර දීමට කටයුතු කර තිබෙනවා.