23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකංජිපානිගේ ගෝලයෙක් කටුනායක දී අත්අඩංගුවට

කංජිපානිගේ ගෝලයෙක් කටුනායක දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කංඡිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතමයෙකු කටුනායක ගුවන්තොටුපලේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.

ඒ ඔහු ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදීයී.

කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතමයෙකු වන මිහිලාල් මොහොමඩ් අර්ෂාඩ් නැමැත්තා ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

වීසා සහ ගමන්බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳීසිටියදී ඉන්දීය ආරක්ෂක නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි පිටුවහල් කෙරුණේ.

2017 වසරේ මොහු මෙරටින් ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් තිබෙනවා.

මාකඳුරේ මදුෂ් නැමැති අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායිහි උපන්දින සාදයකදී අත්අඩංගුවට ගැනීමත් සමග මොහු ඉන්දියාවට පලාගිය බවටයි තොරතුරු හෙළි වී තිබෙන්නේ