27.8 C
Colombo
Friday, September 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙහිවල වෙඩික්කරු STF සමග වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට

දෙහිවල වෙඩික්කරු STF සමග වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ඉකුත් 18වනදා උදෑසන 11ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම  STF සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.

පසුව STF නිලධාරීන් ද සැකකරුට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ  STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇත