23.9 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් (25 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.

පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.